Thursday 18th of June 2026

English Tamil
Advertiesment


විසි දෙවස් සපුරන ජාදූ


2025-08-11 14986

 

(Charith Moragoda)

 

රාකේශ් රෝශන් අධ්‍යක්ෂණය කළ, රාජේශ් රෝශන් සංගීතවත් කළ කොයි මිල්ගයා චිත්‍රපටය අද දිනසිය 22 වන සංවත්සරය සමරනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ රිතික් රෝශන් සමඟින් ප්‍රිතී සින්ටා..!!

ඉතින් දන්නා චිත්‍රපටයක නොදන්නා අතුරු කථා කියන්නයි මේ සූදානම..

 

ඔබ දැන සිටියාද?

 

♦️ මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය වෙනුවෙන් ප්‍රථමයෙන් ආරාධනා ලැබූයේ අයිශ්වර්‍යා රායි. නමුත් දින පිළිබඳ ගැටළුවක් නිසා ප්‍රීති සින්ටා මේ චිත්‍රපටය වෙනුවෙන් තෝරා ගැනුනා.

♦️ මේ චිත්‍රපටයේ එන රිය අනතුරකින් පියා මියගොස් මව දිවි ගලවාගන්නා දර්ශණය ඔබට මතකද? මේ සිදුවීමට සමාන සිදුවීමක් මෙහි ප්‍රධාන නිළිය ප්‍රීති හට වයස 13 දී අත් විඳුමට සිදුවනවා.. රිය අනතුරෙන් ඇගේ පියා මිය යන අතර මව දිවි ගලවා ගන්නවා.

♦️ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලක හොඳම නළුවා විචාරක සහ හොඳම නළුවා ජනප්‍රිය යන අංශ දෙකේම එකම සම්මාන උළෙලක එකම චරිතයක් වෙනුවෙන් ජයග්‍රහණය ලැබූ පළමු නළුවා වන්නේ ‍රිතික්.. ඒ මේ චිත්‍රපටය වෙනුවෙන්..

♦️ චිත්‍රපටයේ අවසානයන් දෙකක් රූගත කෙරුණු අතර පළමු වැන්නට අනුව රෝහිත් මෙහෙරා සතු සියළු බලයන් ජාදූ ගේ පිටත්ව යාමත් සමඟ අහිමි වී යනවා. ඒත් ඒ අවසානයකට ප්‍රේක්ශකයා අකමැතිවෙතැයි සිතූ රාකේශ් එහි අවසානය දෙවන වර සතුටු දායක අවසානයක් ලෙසින් නිමා කර තිබෙනවා.

♦️ රිතික් මීට සමගාමීව තවත් චිත්‍රපට දෙකක රූගත කිරීම් හා සම්බන්ධ වූ නිසා චිත්‍රපටය වෙනුවෙන් ඔහුගේ බර අඩුකිරීම අපහසු වී ඇති අතර ඊට විකල්පයක් ලෙස "බැගී" ඇඳුම් භාවිතා කර ඔහුගේ ශරීරයේ කෘශ බව පෙන්වා තිබෙනවා.

♦️ මේ වසරේ ප්‍රීති සින්ටා රඟපෑ චිත්‍රපට ද්විත්වයම සාර්තක වුඅතර ඒ චිත්‍රපට ද්විත්වයේම ඇගේ පෙම්වතා ගේ නම වූයේ "රොහිත් මෙහෙරා" වීම විශේෂත්වයක්. ඉන් එකක් රිතික් රෝශන් නිරූපණය කළ මේ චිත්‍රපටය වූ අතර අනෙක කල් හෝ නා හෝ චිත්‍රපටයේ සායිෆ් අලී ඛාන් නිරූපණය කළා.

♦️ මේ චිත්‍රපටයේ නම ලෙස මුලින් යෝජනා වූයේ " කෝයි ආප් ජයිසා" යන්නයි.

♦️ චිත්‍රපටයේ කීප වරක යෙදුනු පසුබිම් සංගීත තනුවක් ආශ්‍රයෙන් ක්‍රිශ් චිත්‍රපටයේ ආවො සුනාවෝ ප්‍යාර් කි ඒක් කහානී" ගීතය නිර්මාණය කර තිබෙනවා.

ඉතින් ඔන්න ඔහොමයි කොයි මිල්ගයා ගැන ඔබ නොදත් කථාව... මට මගහැරුණු තවත් යමක් තිබෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්..

 

Advertiesment